ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 49 රසායනික,ජීව විද්‍යාත්මක,න්‍යෂ්ටික,පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගයේ අලුතින් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණය සහ දේශන ශාලාව විවෘත කිරීම ගුවන් හමුදාධිපත්තුමන්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 49 රසායනික,ජීව විද්‍යාත්මක,න්‍යෂ්ටික,පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගය සඳහා අභිනවයෙන් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණය සහ දේශන ශාලා ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින්  2024 මැයි 29 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදී.

අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිලේන්ද්‍ර පෙරේරා විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර, ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලය විසින් සමාරම්භක සමරු ඵලකය නිරාවරණය කිරීම ද සිදු කරන ලදී. අංක  අංක 49 රසායනික,ජීව විද්‍යාත්මක,න්‍යෂ්ටික,පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගය 2019 නොවැම්බර් 27 වන දින පිහිටුවන ලදී.මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථානගත කර ඇති මෙම පක්ෂාංගයේ මූලික අරමුණ වන්නේ හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් හෝ සිද්ධියක් සඳහා සූදානම් වීම සහ ක්ෂණික ප්‍රතිකාර ලබා දීමෙන් අතරම කෙටිම කාලයකදී ගුවනින් හෝ ගොඩබිමෙන් රෝගීන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමයි. .

පත්ෂාංගයේ පළමු ප්‍රතිචාර දැක්වූවන්ගේ නොපසුබස්නා උත්සාහය මෙන්ම පක්‍ෂයේ දියුණුව සඳහා ඔවුන්ගේ කැපවීම සහ දායකත්වය ගුවන් හමුදාධිපතිතුමන් විසින් බෙහෙවින් අගය කරන ලදී. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා සහ අණදෙන නිලධාරීන් ද නිළධාරීන් සෙසු නිළයින් පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.