කටුනායක ගුවන් හමුදා කඳවුරේ ප්‍රතිසංස්කරණය කරන ලද කතෝලික දේවස්ථානය විවෘත කිරීම ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

ගුවන් හමුදා කටුනායක කඳවුරේ ප්‍රතිසංස්කරණය කරන ලද කතෝලික දේවස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මැයි මස 29 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදී.  , සීදූව සුපුවත් අරණ අධ්‍යක්ෂ ගරු. කෙනඩි පෙරේරා පියතුමන්, මීගමුව ලොයෝලා විද්‍යාලයේ අධිපති ගරු ඩැරල් කූංහේ පියතුමන් සහ කටුනායක පාරිස් පියතුමන් සහ නුවන් බුද්ධික පියතුමන් විසින් ප්‍රත්සංස්කරණයෙන් පසු දේවස්ථානයට ආශිර්වාද කිරීමේ දේව මෙහය සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත හා ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ සිවිල් ඉංජිනේරු අංශය විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද අතර  රෝමානු කතෝලික සභාව හරහා බොහෝ පරිත්‍යාගශීලීන් මෙම ව්‍යාපෘතියට ආධාර කළහ.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, ගුවන් හමුදා කටුනායක කඳවුරේ නිළධාරීන් සහ සෙසු  නිලයින් සහ දේවස්ථානය වෙනුවෙන් දායක වූ පරිත්‍යාගශීලීන් ද සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.