ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු සහ හොකී අංගසම්පූර්ණ ක්‍රීඩාංගණ සංකීර්ණ මණ්ඩපයට මුල්ගල තැබීමේ උත්සවය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසලේ හොකී සහ පාපන්දු ක්‍රීඩාංගණ සංකීර්ණ මණ්ඩපය සඳහා මුල්ගල තැබීම 2024 මැයි 29 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු සම්මේලණ සභාපති,සුබසාධන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු, ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී සංචිත සභාපති එයාර් කොමදෝරු ෂෙහාන් විජේනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි විය. .

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ගුවන් හමුදාධිපත්තුමන් කාලීන අවශ්‍යතාවයක් වන ක්‍රීඩාංගණ සංකීර්ණ මණ්ඩපය ඉදිකිරීමේ අරමුණ පැහැදිලි කළේය. හොකී සහ පාපන්දු ක්‍රීඩාංගනය 2018 ජූනි මාසයේදී ඉදිකරන ලද අතර මණ්ඩපයක අවශ්‍යතාවය හේතුවෙන් නව ඉදිකිරීම් අදියර තුනකින් නිම කිරීමට බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු සමන්ත වීරසේකර, ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු උදිත පියසේන, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ නිළධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.