ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ක්‍රිකට් ක්‍රීඩාංගණ මණ්ඩපයේ ඉදිකිරීම් ප්‍රගතිය ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරික්ෂාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉදිකෙරෙමින් පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණ මණ්ඩපයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මැයි මස 29 වන දින සංචාරයක නිරිතවන ලදී. එහි ඉදිකිරීම් ව්‍යාපෘතිය 2024 මැයි 04 වන දින ආරම්භ කරන ලද අතර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මෙම ස්ථානයේ සමකාලීන තත්ත්වයන් ඇගයීමට ලක් කළ අතර, ඉදිකිරීම් කටයුතුවල නිරත වූ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගයේ සිවිල් ඉංජිනේරු වෘත්තිකයන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රිකට් සම්මේලන අධ්‍යක්ෂ ජනරාල් සහ ක්‍රිකට් සම්මේලන සභාපති එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න, අධ්‍යක්ෂ ජනරාල් ඉදිකිරීම් ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ,ගුවන් හමුදා ක්‍රිකට් සම්මේලන ලේකම් විංග් කමාන්ඩර් සුරංග හේසාල්ගේ යන මහත්වරු ද සහභාගි වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.