උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාවේ සාමාජිකයින් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ඉන්දියාවේ උසස් ආරක්ෂක කළමනාකරණ පාඨමාලාවේ කර්නල් කේදාර් දත්තත්‍රාය ගුප්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් 2024 ඔක්තෝබර් 14 දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.  

දූත පිරිසේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත වීමෙන් පසුව එම අවස්ථාව සනිටුහන් කරමින් නිල පුවරු හුවමාරු කර ගන්නා ලදී.

ඉන් අනතුරුව ගෲප් කැප්ටන් වජිර ජයකොඩි විසින් 'ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය සහ කාර්යය' පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් හා  ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසිය පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.