දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල 72 වැනි සංවත්සරය සමරයි

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල එහි 72 වන සංවත්සරය 2024 ඔක්තෝබර් 15 දින සමරනු ලැබීය. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.ටී.එච් ධර්මදාස නිලධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සංවත්සර සැමරුම ආරම්භ විය. අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කණිෂ්ක ජයසේකර විසින් මෙම පෙළපාලිය මෙහෙයවන  ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව දියතලාව ‘ඊගල්ස්’ ළමා උද්‍යානය, මිනින්දෝරු හන්දියේ පිහිටි බස් නැවතුම්පොළ, දියතලාව මහ රෝහල, ඇල්ලේගම විහාරස්ථානය සහ කහගොල්ල ‘ආරණ්‍ය’ යන ස්ථානවල ශ්‍රමදාන කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සටන් පුහුණු පාසල් පරිසරය සංවර්ධනය කිරීම සඳහා අණදෙන නිළධාරියාගේ නිසි උපදෙස් මත රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. මීට අමතරව දෝව ශ්‍රී සුදර්ශි බිහිරි සහ අන්ධ විද්‍යාලයේ නවාතැන් ගෙන සිටින දරු දැරියන් සඳහා ද දිවා ආහාරය පිරිනැමිණි. එමෙන්ම ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ සියලුම නිලයන්ගේ ස්වේච්ඡා දායකත්වයෙන් අඹේගොඩ ළමා නිවාසයට සලාක මළු බෙදාදීමද සිදු කෙරිණි.

ආරම්භක දිනයේ කදවුරේ සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් සහජීවනය ගොඩනැගීම සඳහා ක්‍රීඩා ඉසව් මාලාවක් සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.