රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරය 15 වන සංවත්සරය සමරයි

ගුවන් හමුදා රත්මලාන කදවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරය එහි 15 වන සංවත්සරය 2024 නොවැම්බර් 05 දින අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බී.කේ.ඩී.එම් සුමනසේකර ගේ මගපෙන්වීම යටතේ සමරන ලදී.

සංවත්සර සැමරුමට සමගාමීව ශ්‍රවණාබාධ සහිත දරුවන්, ඔවුන්ගේ අනාගත අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීම අරමුණ ඇතිව රත්මලාන බිහිරි පාසලේ ළමුන් 190 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු සඳහා 2024 නොවැම්බර් 04 වන දින විශේෂ සංචාරයක් සඳහා සත්කාරකත්වය සපයන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.