2024 - අන්තර් මධ්‍යම බර ඉසිලීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම හිමිකර ගනී.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ බර ඉසිලීමේ ශූරතාවලිය 2024 නොවැම්බර් 08 සිට 10 දක්වා ටොරින්ටන් ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. සුවිශේෂී දක්ෂතා සහ ශක්තිය විදහා දක්වමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම ශූරතාව හිමිකර ගන්නා ලදී. පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම අනුශූරතාව හිමිකර ගන්නා ලදී. ගුවන් භට  සංදීප ජී.ඒ.සී  සහ ගුවන් කාන්තා චතුරානි  එම්.එච්.ඩී  පිළිවෙළින් පිරිමි සහ කාන්තා කණ්ඩායම් වල ‘හොඳම එසවීම’ ලෙස පිළිගැනිණි.
මෙම තරඟයට දිවයින පුරා බර ඉසිලීමේ සමාජ රැසක් සහභාගි වූ අතර, සියල්ලෝම ශූරතාවය සඳහා තරඟ කළහ. මෙම අවස්ථාවට ගුවන් හමුදා බර ඉසිලීමේ සභාපති එයාර් කොමදෝරු දිනේෂ් ජයවීර මහතා ද සහභාගී විය.
ප්‍රතිඵල සටහන
මෙම තරඟයට දිවයින පුරා බර ඉසිලීමේ සමාජ රැසක් සහභාගි වූ අතර, සියල්ලෝම ශූරතාවය සඳහා තරඟ කළහ. මෙම අවස්ථාවට ගුවන් හමුදා බර ඉසිලීමේ සභාපති එයාර් කොමදෝරු දිනේෂ් ජයවීර මහතා ද සහභාගී විය.
ප්‍රතිඵල සටහන
පිරිමි
රන් පදක්කම් ලාභීන්
ගුවන්භට සංදීප ජීඒසී
ගුවන්භට වෙලගෙදර ජී.ජී.ටී.එම්
රිදී පදක්කම්ලාභී
නායක ගුවන් භට මධුශංක ජී.එච්
කාන්තා
රන් පදක්කම් ලාභීන්
නායක ගුවන් කාන්තා මධුෂානි ඩී.කේ.සී.එන්
ගුවන් කාන්තා චතුරානි එම්.එච්.ඩී
ගුවන් කාන්තා විදුෂිකා එල්.ඒ
ගුවන් කාන්තා හංසිකා ටී.බී.ඩී
රිදී පදක්කම්ලාභී
ගුවන් කාන්තා විමලසේන ජෙ.ඒ.සී.ඩී
                        
          






















