2024 - ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පිහිනුම් සහ ජල පෝලෝ ශූරතාවලිය

2024 -  ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කරන ලද 52 වන අන්තර් ඒකක පිහිනුම් ශූරතාවලිය සහ 21 වන වෝටර් පෝලෝ ශූරතාවලිය 2024 නොවැම්බර් 25 සිට 28 දක්වා රත්මලාන ගුවන් හමුදා කඳවුරු ජල ක්‍රීඩා සංකීර්ණයේදී සාර්ථකව පවත්වන ලදී. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ නිලධාරිතුමන් සහභාගී විය.

කාන්තා පිහිනුම් අංශයේ සමස්ත ශූරතාව ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරට හිමි වූ අතර පිරිමි අංශයේ සමස්ත ශූරතාව චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට හිමිවිය. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල පිරිමි අංශයේ අනුශූරතාව හිමිකරගත් අතර කාන්තා අංශයේ අනුශූරතාවයට චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය හිමිකම් කීවේය.

වෝටර් පෝලෝ කාන්තා කාණ්ඩයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර යළිත් වරක් සමස්ත ශූරතාව හිමිකර ගත් අතර, පිරිමි අංශයේ එම ශූරතාව දිනාගැනීමට චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සමත් විය.වෝටර් පෝලෝ පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරට හිමිවිය.

මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයට ගුවන් හමුදා පිහිනුම් හා වෝටර් පෝලෝ හි සභාපති එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා නිලධාරිතුමන්, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු දිනේෂ් ජයවීර නිලධාරිතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

පිහිනීම

නවක කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරිය - කාන්තා

 කෝප්‍රල් හේරත්  ඩී.ඒස්.අයි (ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය)
නවක කාණ්ඩය යටතේ තනි ශූරයා - පිරිමි
 නිලධාරි කැඩෙට් රහීම් (ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය)

ශූරතා කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරිය - කාන්තා

පියාසර නිලධාරී ඒච්.ඒ.ඒ.ඒම්.ඒම්.ඩබ්ලිව්.සී.ටී.කෙ මදිවක ( ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර)

ශූරතා කාණ්ඩය යටතේ තනි ශූරයා - පිරිමි

නායක ගුවන් භට විජේරත්න අර්.පී.අර්.ඒස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.