අංක- 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගයේ නව අණදෙන නිලධාරියකු පත් කෙරේ.

අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය අංශයේ (අංක 49 CBRNE) නව අණදෙන නිලධාරියා පත් කිරීම 2024 දෙසැම්බර් 19 දින සිදු විය. සම්ප්‍රදායික භාරදීමේ / භාර ගැනීමේ පෙළපාළිය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කපිතාන් එන්පී පෙරේරා නිලධාරිතුමන් විසින් වින්ග් කමාන්ඩර් ඒඩීආර් වික්‍රමරත්න  නිලධාරිතුමන්වෙත අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.

නික්ම යන ගෲප් කපිතාන් එන්පී පෙරේරා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ඇත.

නව අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ඒඩීආර් වික්‍රමරත්න නිලධාරිතුමන් මීට පෙර අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE)පක්ෂාංගයේ හි අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට පෙර මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි තනතුර දැරීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.