ජපන්-ලංකා මිත්‍රත්ව සංගමය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හදිසි වාහන සහ ශිෂ්‍යත්ව පරිත්‍යාග කරයි

ජපන්-ලංකා මිත්‍රත්ව සංගමයේ සන් ටෙක් බයෝස් කෝපරේෂන් සමාගමේ සභාපති, ගෝටෝ හිඩෙයිකි මහතා, A-ග්ලෝබල් සමාගමේ සභාපති, ජින් සොන්ග්යු මහත්මිය සහ නියෝජිත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගේ නොමසුරු සහයෝගය ඇතිව, 2025 මැයි 16 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවන රථයක් සහ නිසාන් වර්ගයේ ගිලන් රථයක්, සුදුසුකම් ලත් පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව දහයක්, පැන්සල් පෙට්ටි සහ කියවීමේ කණ්නාඩි තොගයක් නිල වශයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ වෙත වාහන භාර දුන්හ.

පරිත්‍යාගය අගය කිරීම සඳහා, ජපන් නියෝජිත පිරිසට දිනය අමතක නොවන එකක් කිරීමේ අරමුණින් ගුවන් හමුදා මූලස්ථානයේදී විශේෂ සංස්කෘතික වැඩසටහනක් පවත්වන ලදී. 2015 සිට මේ දක්වා ජපන්-ලංකා මිත්‍රත්ව සංගමය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවන රථ, ගිලන් රථ විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත

මෙම අවස්ථාවට ජපන්-ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපති ආචාර්ය එරංගා හසන්ති, මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, එයාර් කොමඩෝර් වීජීබී පියසිරි නිලධාරීතුමන් ඇතුළු නිලධාරීන්, සෙසු නිළයින් පිරිසක් සහභාගී විය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.