13 වන ආරක්ෂක සේවා බැඩ්මින්ටන් තරඟාවලියේදී ගුවන් හමුදා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම ශූරතාව දිනා ගනී

13 වන ආරක්ෂක සේවා බැඩ්මින්ටන් තරඟාවලිය 2025 මැයි 14 සිට 18 දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික හමුදා ගැමුණු පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ශූරතාව දිනා ගත් අතර කාන්තා කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්තේය.

පිරිමි කණ්ඩායම් ශූරතාව සමඟ විවෘත පිරිමි ඒකල සහ යුගල ශූරතා දෙකම ආරක්ෂක සේවා බැඩ්මින්ටන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුවන් හමුදා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික මහුදාවේ අයවැය සහ මුදල් අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතා සහභාගී විය. මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන බොහෝ නිලධාරීන් ද සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය


විවෘත ඒකල පිරිමි ශූරතාව
ගුවන් භට ද සිල්වා එච්එල්ඔ

විවෘත යුගල පිරිමි ශූරතාව

ගුවන් භට පල්ලියගුරු ටීටී
පුහුණුව ලබන ගුවන් භට II කරුණාරත්න අයිඔඑස්පී

විවෘත යුගල පිරිමි අනුශූරතාව

ගුවන් භටද සිල්වා එච්එල්ඔ
ගුවන් භට සේනාරත්න එස්ඩී

විවෘත ඒකල කාන්තා අනුශූරතාව

ගුවන් කාන්තා ඉන්ද්‍රමාලි එන්ඩීඑම්

විවෘත යුගල කාන්තා අනුශූරතාව

ෆ්ලයින් ඔෆිසර් එම්එස්එස් කුරුප්පු

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.