ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංචිතය මහරගම අපේක්ෂා රෝහලේ දී පුණ්‍ය කටයුත්තක් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංචිතය එහි සභාපති එයාර් කොමඩෝර් එරන්දක ගුණවර්ධන සහ ලේකම් ගෲප් කැප්ටන් නලින් වැවකුඹුරගේ නිලධාරිතුමන්ලාගේ නායකත්වයෙන් 2025 මැයි 23 වන දින මහරගම අපේක්ෂා රෝහලේ දී පුණ්‍ය කටයුත්තක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සියලුම පිරිමි සහ කාන්තා මල්ලවපොර ක්‍රීඩකයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් සිදුවිය. ඔවුන් රෝහලේ දැනට ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට දානමය පුණ්‍ය කර්මයක් සිදු කරමින් ආහාර සැපයීමට අමතරව රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සහාය වීමට  මල්ලවපොර සංචිතය  විසින් පරිත්‍යාගශීලී මූල්‍ය දායකත්වයක් ද ලබා දෙනලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංචිතය විසින් සද්භාවයෙන් සිදු කරනු ලැබූ මෙම පුණ්‍යක්‍රියාව අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලය, රෝගීන් සහ ඔවුන්ගේ පවුල් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.