ආරක්ෂක සේවා කායවර්ධන ශූරතාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා කායවර්ධන ශූරතා තරගාවළිය කොළඹ පරාක්‍රම නාවික හමුදා කඳවුරේදී 2025 මැයි 28 වන පවත්වනු ලැබු අතර එම තරගාවළියේ සමස්ථ ශුරතාවය දිනා ගැනිමට  ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය. 

2025/2026 වසර සඳහා ආරක්ෂක සේවා කායවර්ධන ශූරයන් ලෙස විශිෂ්ඨ දක්ෂතා දක්වමින් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනාගනිමින්   ආරක්ෂක සේවා කායවර්ධන තරගාවළියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකරගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් සේනක ලිවේරා විසින් මිස්ටර් ඩිෆෙන්ස් සම්මානය හිමිකර ගැනීමට ද සමත්විය.

මෙම තරඟවළියේ සම්මාන ප්‍රධානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සහභාගී වූ අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රොද්‍රිගෝ මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධන සම්මෙලන සභාපති සහ ලේකම්වරයා ඇතුළු   ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් මෙන්ම සෙසු නිළයින් පිරිසක් ද සහභාගී  විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.