2025 කාන්තා ජපන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකගෙන් විශිෂ්ඨ දස්කම්

2025 මැයි 27 වන සිට ජුනි 01 දින දක්වා ජපානයේ සැනෝ නගරයේ පැවති ‘කාන්තා ජපන් ප්‍රිමියර් ලීග් - 2025’ තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන කොප්‍රල් මල්ෂා ෂහානි විශිෂ්ටයි දස්කම් දැක්වීමට සමත් වී තිබේ.

‘මමුෂි’ කණ්ඩායම නියෝජනය කල කොප්‍රල් මල්ෂා ෂහානිගේ කැපී පෙනෙන දස්කම් කණ්ඩායම සාර්ථකත්වය කරා ගෙන යාමට හැකි වූ අතර දක්‍ෂතාව සහ අධිෂ්ඨානය පෙන්නුම් කරමින්, තරඟය පුරා ලකුණු 93ට කඩුලු 08 ක් දවාගනිමින් මෙම වසරේ ‘මමුෂි’ කණ්ඩායමට ශූරතාව දිනා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලදී. ඇය දැකවු මෙම දක්ෂතාවය අනුව තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයද හිමිකරගන්නා ලදී.

ඒ අනුව ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට කෝප්‍රල් මල්ෂා ෂහානි තෝරාගෙන ඇති අතර ඉදිරියේදී ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් සංචිතයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිතය. 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.