ඉන්දීය ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්

ඉන්දීය මාණ්ඩලික ප්‍රධානී කමිටුවේ (CISC) සභාපති, ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ඉන්දීය ගුවන් හමුදාවේ එයාර් මාර්ෂල් අශුතෝෂ් ඩික්සිත් මහතා 2025 ජුනි 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

නිමා වූ ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට සහභාගී වීමෙන් පසු එයාර් මාර්ෂල් ඩික්සිත් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර සංචාරය අතරතුර, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා  ගුවන් හමුදාපතිවරයා හමුවිය. කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ඒකාබද්ධ පුහුණු වැඩසටහන්, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්විණි.

මෙම හමුවට මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා සහ අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න යන නිළධාරීන්ද ද සහභාගී වූහ.

සුහද සාකච්ඡාවලින් පසුව, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.