මිරිගම ගුවන් හමුදා කඳවුර 18 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුර සිය 18 වන සංවත්සර දින සැමරුම 2025 ජුනි 11 වන දින අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්එච්එම්ටීසීකේ බණ්ඩාර විසින් සමාලෝචනය කරන ලද සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් ආරම්භ කරන ලදී.

සංවත්සර දින සැමරුමට සමගාමීව 2025 මැයි 28 වන දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර 2025 මැයි 30 වන දින මිරිගම මූලික රෝහලේ වාට්ටුවේ අංක 06 පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.

පරිසර සංරක්ෂණ කටයුතුවලට දායක වෙමින්, 2025 ජුනි 11 වන දින කඳවුරු පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.

සියලුම කාර්ය මණ්ඩලය අතර සුහදතාවය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේ අරමුණින් නිළධාරීන් සෙසු නිලයින් හා සිවිල් කාර්ය මන්ඩලයේ සහභාගීත්වයෙන් කඳවුරු ක්‍රීඩා පිටියේ මිත්‍රශීලී ක්‍රිකට් තරඟාවලියක් සහ වොලිබෝල් තරඟාවලියක් ඇතුළු ක්‍රීඩා ඉසව් මාලාවක් පවත්වන ලද අතර දිවා භෝජන සංග්‍රහයක් සහ ටොම්බෝලා සැසියක් පවත්වමින් දින සැමැරුම් උත්සවය අවසන් විය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.