ජපන්- ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිලන් රථ, ශිෂ්‍යත්ව සහ අත්‍යවශ්‍ය සැපයුම් පරිත්‍යාග කරයි

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය, සවානෝ සයුරි මහත්මියගේ සහ නියෝජිත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගේ නොමසුරු සහයෝගය ඇතිව, ගුවන් හමුදාවට ගිලන් රථයක ලියකියවිලි, සුදුසුකම් ලත් පාසල් සිසුන් අට දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව අටක්, සීගිරියේ පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 3 ක පරිත්‍යාගයක් සඳහා තහවුරු කිරීමේ ලිපියක්, කියවීමේ කණ්නාඩි, අධ්‍යාපනික උපාංග සහ ලීටර් 1000 ක ධාරිතාවයකින් යුත් ජල ටැංකි දෙකක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට 2025 ජුනි 13 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර නිළධාරීතුමන් වෙත නිල වශයෙන් භාර දීම සිදු කරන ලදී. 

ජපන් නියෝජිත කණ්ඩායමට මෙම දිනය අමතක නොවන දිනයක් බවට පත් කිරීමේ අරමුණින් ගුවන් හමුදා මූලස්ථානයේදී විශේෂ සංස්කෘතික වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ඉරුකා සමූහ සමාගමේ සභාපති සවානෝ සයුරි, ජපන් ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපති වෛද්‍ය එරංගා හසන්ති, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය, මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල්, වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, නිලධාරීන් සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.