අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත් කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ (අංක 01 ADRS) නව අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2025 ජුනි 16 වන දින බලඝණ පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඩීආර්ටී මල්ලවආරච්චි නිළධාරීතුමන් විසින් වින්ග් කමාන්ඩර් පීජීයූඑන් ධර්මපාල නිළධාරීතුමන් වෙත තනතුර භාර දෙන ලදී.

නික්ම යන නිළධාරී වින්ග් කමාන්ඩර් මල්ලවආරච්චි මීරිගම ගුවන් හමුදා කඳවුරේ මෙහෙයුම් අණදෙන නිලධාරී තනතුර භාර ගැනීමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.