ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.

2025 ජුනි 16 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කරන ලදී. සාම්ප්‍රදායික සිරිත් විරිත් අනුගමනය කරමින්  නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කපිතාන් කේඒඩීඩීටී කාරියප්පෙරුම නිලධාරිතුමන් තාවකාලිකව වින්ග් කමාන්ඩර් බීජීඩබ්ලිව් පෙරේරා නිලධාරිතුමන් වෙත විශ්‍රාම යාමට පෙර නිවාඩු මත ගමන් කිරීම සඳහා අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

ගුවන් හමුදා ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගයේ නව අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එන්කේපීකේ ද සිල්වා නිලධාරිතුමන් 2025 ජූලි 01 වන දින වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් බීජීඩබ්ලිව් පෙරේරා නිලධාරිතුමන් වෙතින් නිල වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එන්පීකේපී ද සිල්වා නිලධාරිතුමන් මීට පෙර අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ ගුවන් හමුදා ඉදිකිරීම් කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය හෙබවූ අතර පසුව ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගයේ අණදෙන නිලධාරී ධුරයට පත් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.