ගුවන් හමුදා මඩකලපුව කඳවුරේ අණදෙන නිලධාරී ධූරයේ වෙනසක්

මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තනතුර භාරදීමේ සහ භාර ගැනීමේ පෙළපාළිය 2025 ජූලි 01 පෙළපාළි චතුරශ්‍රයේදී පවත්වන ලද අතර එම අවස්ථාවේදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේඑච්එම්එස්එස් බණ්ඩාර නිළධාරීතුමන් විසින් නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්පීඩීඑම් රන්රජීවන නිළධාරීතුමන් වෙත චාරිත්‍රානුකූලව අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.

නික්ම යන ගෲප් කැප්ටන් බණ්ඩාර නිළධාරීතුමන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සුභසාධන ව්‍යාපෘති ඒකකයේ අණදෙන නිලධාරී ධූරය භාරගැනීමට නියමිතව ඇත් අතර නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් රන්රජීවන ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන සම්බන්ධීකාරක ලෙස සේවය කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.