මහරගම අපේක්ෂා රෝහලේ නව පස්මහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීම සිදු කරන ලදී.

මහරගම අපේක්ෂා රෝහලේ නව පස්මහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීම 2025 ජුනි 03 වන දින උත්සවාකාරයෙන් සිදු කරන ලදී. මෙම වැදගත් සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ අධීක්ෂණය සහ කැපවූ ශ්‍රමය යටතේ සිදු කෙරෙන අතර, මූල්‍ය අනුග්‍රහය ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතා විසින් නොමසුරුව සපයනු ලැබේ.

වර්ග අඩි 50,000 ක වපසරියකින් යුත් යෝජිත ගොඩනැගිල්ලේ රෝගීන් 80 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි නේවාසික වාට්ටු දෙකක් ඇත. ඊට අමතරව, මෙම පහසුකමට ළමා දැඩි සත්කාර ඒකකයක් සහ ළමා බාහිර රෝගී රසායනික චිකිත්සක ඒකකයක් ඇතුළත් වන අතර එමඟින් ළමුන් සඳහා විශේෂිත පිළිකා ප්‍රතිකාර ලබා දීම සදහා රෝහලේ ධාරිතාව සැලකිය යුතු ලෙස වැඩි වනු ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු රෝහල් නිලධාරීන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.