එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ නියුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය එක්සත් ජාතීන්ගේ පැසසුමට

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ (MINUSCA) යොදවා  ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් අධි අවදානම් සහිත ගැටුම්කාරී ප්‍රදේශයක තුවාලකරුවන් බේරාගැනීමේ (CASEVAC) මෙහෙයුමක් සාර්ථකව නිම කිරීමට හැකිවීම හේතුවෙන් මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා ප‍්‍රධානි විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂ ඇගයීමකට ලක්කරන ලදී. තවද සාම සාධක මෙහෙයුම්වල සාර්ථකත්වයට යුහුසුළුව දායක වෙමින් ගුවන් සහාය ලබා දීමේදී මනා ක්‍රමවත් හා කැපවීමෙන් කටයුතු කිරීම සහ වෘත්තීය නිපුනත්වය වෙනුවෙන්, 10 වන  ගුවන් හමුදා සාමසාධක බලඇණි, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් උදිත ද සිල්වාගේ මූලිකත්වයෙන් යුත් සිය බලඇණියටද  ප්‍රශංසා  පුද කරමින් ඇගයීමට ලක් කරන ලදී.

මෙහිදී අනපේක්ෂිත සතුරු මෙහෙයුම් ප්‍රදේශයක සිදු කරන ලද මෙහෙයුමක් අතර තුර  බරපතල ලෙස තුවාල ලබා සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් තිදෙනෙකු අධික දූවිලි සහිත  හා වේගයෙන් වෙනස් වන භූමි තර්ජන ඇතුළු ප්‍රබල අභියෝග  ඇති ප්‍රදේශයMI-17 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින්  නිරුපද්‍රිතව බේරා ගනිමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් ආරක්ෂිතව රැගෙන යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසින් සිදුකරන ලද මෙම මෙහෙයුම අගයමින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අණදෙන නිලධාරියා විසින් ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කල වින්ග් කමාන්ඩර් ඉෂාන් තිබ්බොටුමුණුවේ සහ සහයක ගුවන් නියමුවා ලෙස කටයුතු කල වින්ග් කමාන්ඩර් නදුන් දෙනෙත්ති ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය ප්‍රශංසාවට ලක් කරන ලදී.

මෙම මෙහෙයුමට අමතරව අභියෝගාත්මක සහ අනතුරුදායක පාරිසරික තත්ත්වයන් මධ්‍යයේ වුවද 2024 දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා මෙම කණ්ඩායම විසින් මෙහෙයුම් 16 ක් සිදු කරමින්  ජීවිත 18 ක් බේරාගෙන ඇත

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.