ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙයි.
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) නියෝජිත පිරිසේ ප්‍රධානියා වන මේජර් ජෙනරාල් පවන්පාල් සිං සමග සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් 2025 සැප්තැම්බර් 01වන දින ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙන ලදී.
ගුවන් හමුදා මූලස්ථානයට පැමිණීමට පෙර නියෝජිත පිරිස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය නැරඹීමට යන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ උත්තරීතර කැපකිරීමක් කළ ඉන්දීය සාම සාධක හමුදා සාමාජිකයින්ට පුෂ්පෝපහාර දැක්වීය.
දූත කණ්ඩායමේ ප්‍රධානී මේජර් ජෙනරාල් පවන්පාල් සිං සහ සාමාජිකයින් කිහිප දෙනෙකු ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර නිලධාරිතුමන් හමුවිය. එහිදී මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සංකේතාත්මක සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, පශ්චාත් ගැටුම් භූමිකාව සහ අභියෝග පිළිබඳ ඉදිරිපත් කිරීමක් පවත්වන ලදී. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩෙමියන් වීරසිංහ, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම සැසියට සහභාගී විය.
War Heroes commemoration at IPKF memorial