ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපල කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 සැප්තැම්බර් 06 වන දින කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී. ගුවන් හමුදාපතිතුමන් චාරිත්‍රානුකූල මාර්ග පෙල කණ්ඩයක් මගින් එහි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිලින්ද්‍ර පෙරේරා නිලධාරිතුමන් විසින් පිළිගන්නා ලදී
පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමන් කඳවුරේ මූලස්ථානය, ඉලෙක්ට්‍රොනික අංශය, අවි ගබඩාව, 31 වන රෙජිමේන්තු පක්ෂාංගය, ගුවන් භට භෝජනාගාරය, උපකරණ අංශය, සුභසාධන වෙළද සැල, ක්ලිපර්ස් සැලෝන්, ප්‍රධාන ආරක්ෂක මැදිරිය, මෝටර් රථ ප්‍රවාහන අංශය, ක්‍රීඩා අංශය සහ කඳවුරේ අනෙකුත් ප්‍රදේශ පරීක්ෂා කරන ලදී..
පරීක්ෂණයෙන් පසු ගුවන් හමුදාපතිවරයා කඳවුරේ සියලුම නිලයන් ඇමතීය. සිය දේශනය අතරතුර ඔහු සියලුම කාර්ය මණ්ඩලයට හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර කදවුරේ එක් එක් අංශ සුවිශේෂී ලෙස ඉහළ ප්‍රමිතීන්ගෙන් පවත්වාගෙන යාමට ඔවුන් සිදුකර ඇති උත්සාහය අගය කරන ලදී.