ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ පිහිටා ඇති අංක 7 හෙලිකොප්ටර් බලඝණය 31 වන සංවත්සරය සමරයි.
1994 සිට මේ දක්වා ජාතියට කැපවූ වසර 30 ක සේවාවක් ඉටු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ පිහිටා ඇති අංක 7 හෙලිකොප්ටර් බලඝණය 2025 සැප්තැම්බර් 23 වන දින 31 වන සංවත්සරය සමරනු ලැබීය. මෙම බලඝණය මුලින් 1994 සැප්තැම්බර් 23 වන දින අංක 401 බලඝණය ලෙස ස්ථාපිත කරන ලද අතර බෙල් 212 සහ බෙල් 206 හෙලිකොප්ටර් සමඟින් ආරම්භ කරන ලදී. පසුව එය 1996 මාර්තු 23 වන දින අංක 7 හෙලිකොප්ටර් බලඝණය ලෙස නැවත නම් කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්ප්‍රදායික වැඩ පෙළපාළිය බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලදී. එය අංක 7 බලඝණයේ වත්මන් අණදෙන නිලධාරී ගෲප් කපිතාන් කාංචන ලියනාරච්චි නිලධාරිතුමන් විසින් පරීක්ෂා කරන ලදී. පසුව නිලධාරීන් සහ අනෙකුත් නිලයන් අමතමින් ඔහු දේශනයක් පැවැත්වීය.
පෙළපාළියෙන් පසුව සංවත්සරය සැමරීම සඳහා සියලුම බලඝණ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ සහයෝගීතාවයක් සහ විනෝදාත්මක වැඩසටහන් කිහිපයක් පැවැත්වන ලදී. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් දිනේෂ් ජයවීර නිලධාරිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී විය.
අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ සංවත්සරයට සමගාමීව හිඟුරක්ගල පන්සල සහ හිඟුරක්ගොඩ ක්‍රිස්තු රජ කතෝලික පල්ලිය අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන් අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ බලඝණයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
ඊට අමතරව, අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ සියලුම සාමාජිකයින්ට ආශිර්වාද පතා සහ ජීවිත පූජා කළ අය සිහිපත් කරමින් හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේදී බෝධි පූජා උත්සවයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට බලඝණයේ සියලුම සාමාජිකයින් සහභාගී වූ අතර ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ කැපී පෙනෙන සහභාගීත්වයෙන් ද එය සනිටුහන් විය.