ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 හෙලිකොප්ටර් බලපංතියේ නව අණදෙන නිලධාරියකු පත්කෙරේ.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 61 හෙලිකොප්ටර් බලපංතියේ නව අණදෙන නිලධාරිවරයකු 2025 සැප්තැම්බර් 29 වන දින පත් කරන ලදී. ගුවන් යානා පරිශ්‍රයේදී සම්ප්‍රදායික භාරදීමේ / භාර ගැනීමේ පෙළපාළියකින් සිදු විය.
නව බලපංති අණදෙන නිලධාරියා ලෙස වින්ග් කමාන්ඩර් එම්.ජී.එච් ද සිල්වා නිලධාරිතුමන් විසින් බලපංතියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඩී.ඩබ්ලිව්.කේ කොඩිකාර නිලධාරිතුමන්ගෙන් රාජකාරි භාර ගන්නා ලදී.
බලපංතියේ නව අණදෙන නිලධාරියා මීට පෙර අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ මෙහෙයුම් අණදෙන නිලධාරී තනතුර දරණ ලදී.