නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් හමුදා මූලස්ථානයට පැමිණ ගුවන් හමුදාපතිතුමන් හමුවිය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා 2025 ඔක්තෝබර් 01වන දින ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙන ලදී.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගන්නා ලදී. පසුව ඔහු ගුවන් හමුදාපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර මෙහෙයුම් සහ පරිපාලන වගකීම් සම්බන්ධ කරුණු පිළිබඳව ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය හමුවිය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සේවයේ සියලු අංශවල වගවීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ ආපදා කළමනාකරණ උත්සාහයන් සඳහා ගුවන් හමුදාවේ කාර්යභාරය අගය කරන ලදී. බාහිර ව්‍යාපෘතිවල නියැලී සිටින පිරිස් සමීපව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය, වෘත්තීයභාවය, විනය සහ ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම ද ඔහු අවධාරණය කරන ලදී.
මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, කඳවුරු අණදෙන නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.