2025 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සුවිශේෂී දස්කම්
2025 ඔක්තෝබර් 24 සිට 26 දක්වා ඉන්දියාවේ රංචි හි මොරබාඩි පාපන්දු ක්‍රීඩාංගනයේ පැවති 4 වන දකුණු ආසියානු (SAAF) ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දස්කම් දක්වමින් ජාතියට සහ ගුවන් හමුදාවට ඉමහත් ගෞරවයක් එක්කර දෙන ලදී.
ශූරතාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩක රොමේෂ් තරංග මීටර් 84.29 ක් වාර්ථාගත දුරක් කැපී පෙනෙන සිදුවීම හෙල්ල විසිකරමින් කරමින් රන් පදක්කම දිනාගත් අතර එමඟින් ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයාට (පිරිමි) හිමි සම්මානයද දිනාගන්නා ලදී. නායක ගුවන් භට කුමාර දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.56 ක පිම්මක් පැන රිදී පදක්කමද, නායක ගුවන් කාන්තා කෞෂල්‍යා මීටර් 400 කාන්තා බාධක ඉසව්වෙන් තත්පර 58.66 ක කාලයක් වාර්තා කරමින් නව දකුණු ආසියානු තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර නායක ගුවන් කාන්තා සත්සරණි එම ඉසව්වේම තත්පර 59.24 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගනිමින් ගුවන් හමුදාවේ කැපී පෙනෙන ද්විත්ව ජයග්‍රහණයක් සනිටුහන් කළේය.
එමෙන්ම නායක ගුවන් කාන්තා ලක්මාලි මීටර් 43.01 ක දුරක් විසි කරමින් කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර, ගුවන් කාන්තා ප්‍රනාන්දු මීටර් 4x400 සහය දිවීමේ ඉසව්වෙන් මිනිත්තු 3:35.71 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කමක් ලබා ගැනීමට සමත් විය.
ගුවන් කාන්තා කෝරළ (ත්‍රිත්ව පැනීම) සහ නායක ගුවන් කාන්තා කුමාරි (මීටර් 1500) ඔවුන්ගේ අදාළ ඉසව්වලින් ප්‍රශංසනීය සිව්වන ස්ථාන ලබා ගත්හ.