ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු 2025 නොවැම්බර් 12 වන දින පත්කරන ලදී. තනතුර භාරදීමේ / භාර ගැනීමේ පෙළපාලිය අංක 07 බලඝණ පරිශ්‍රයෙහිදී සිදු කරන ලදී. 

එහිදී නික්ම යන කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්.ඩී ජයවීර නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් එස්.ආර් ජයරත්න නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

නික්ම යන කඳවුරු අණදෙන නිලධාරියා වන එයාර් කොමඩෝර් එස්.ඩී ජයවීර නිලධාරිතුමන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාර ගනු ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.