ආපදා සහන රැගත්ඉන්දියානු C-130 ගුවන් යානයක් දිවයිනට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් සඳහා ඉන්දීය රජය විසින් සපයන ලද සනීපාරක්ෂක කට්ටල ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයක් 2025 නොවැම්බර් 29 වන දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.

පැමිණ සිටි පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර නිළධාරී තුමන් සහ ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටින ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.