ලුණුවිල ඛේදවාචකයේ මියගිය ප්‍රධාන නියමු නිළධාරීමුමන්ගේ දේහයට ජනාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා, ලුණුවිල ප්‍රෙද්ශයේ සිදු වූ අනතුරින් අවසානාවන්ත ලෙස මියගිය ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය නිළධාරීතුමන්ගේ දේහයට අවසන් ගෞරව  දැක්වීම  2025 දෙසැම්බර් 04 වන දින උදෑසන රත්මලානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී සිදු කරන ලද අතර එහිදී අභාවප්‍රාප්ත නිලධාරියාගේ පවුලේ අයට ජනාධිපතිතුමා සිය බලවත් ශෝකය පළ කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එම අවස්ථාවට සහභාගී වූහ.

පසුව, අවමංගල්‍ය පෙළපාලිය සඳහා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ අනෙකුත් සාමාජිකයින් අභාවප්‍රාප්ත ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය නිළධාරීතුමන් සිදු කරන ලද විශිෂ්ට සේවය, වෘත්තීයභාවය සහ රාජකාරිය කෙරෙහි ඇති කැපවීම අගය කරමින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.