අඛණ්ඩ ප්‍රතිසාධන කටයුතුවලට සහාය වීම සඳහා තවත් ඉන්දියානු ගුවන් හමුදාවේ MI-17V5 හෙලිකොප්ටරයක් ශ්‍රී ලංකාවට පැමිණේ
ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිදුවෙමින් පවතින ප්‍රතිසාධන කටයුතුවලට තවදුරටත් සහාය වීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාවේ තවත් MI-17V5 හෙලිකොප්ටරයක් 2025 දෙසැම්බර් 09 වන දින දිවයිනට පැමිණි අතර විංග් කමාන්ඩර් නාගේෂ් කුමාර්ගේ නායකත්වයෙන් යුත් මෙම හෙලිකොප්ටරය, ආපදා සහන කටයුතු ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගෙන් සමන්විත විය.
කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාවේ MI-17V5 හෙලිකොප්ටරය සහ භට පිරිස, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ ගුවන් හමුදා නිලධාරීන් විසින් පිරිස පිළිගනු ලැබීය.