ස්ටාෆර්ඩ් මෝටර් සමාගම විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි
අඛණ්ඩව ක්‍රියාත්මක වන මානුෂීය සහන කටයුතු සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින්, ස්ටැෆර්ඩ් මෝටර් (පුද්ගලික) සමාගම 2025 දෙසැම්බර් 11 දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට (SVU) ඇඳ ඇතිරිලි, කොට්ට උර සහ තුවා පරිත්‍යාග කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල අලුත උපන් බිළිඳුන්ගේ මව්වරුන්ට සහ ගර්භනී මව්වරුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ සහන මෙහෙයුම් ක්‍රියිවලියට මහඟු දායකත්වයක් සලසයි.
මෙම ද්‍රව්‍යය ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ විධායක අධ්‍යක්ෂ තරින්ද්‍ර කළුපෙරුම මහතා විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය වෙත නිලවශයෙන් භාරදීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම්, වින්ග් කමාන්ඩර් ලිලංගි රන්දෙණි සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
මෙම අවස්ථාවට ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ නියෝජිතයින් වන සුභසාධක සංගමයේ සාමාන්‍යාධිකාරී සහ සභාපති දමිත ජයසුන්දර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපුල් පෙරේරා මහතා, අමතර කොටස් කළමනාකරු පුලතිසි සූරියබණ්ඩාර මහතා, යතුරුපැදි සේවා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් වාසලමුදලි මහතා සහ මෙහෙයුම් කළමනාකරු නිශාන්ත ඉද්දමල්ගොඩ මහතා ද සහභාගී වූහ.