ශ්‍රී ලංකාවේ මානුෂීය සහන සේවා සඳහා සහාය වීමෙන් පසු ඉන්දියානු ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලය පිටත්ව යන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ මානුෂීය සහාය ලබා දීමට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාවේ (IAF) MI-17 හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලය අද 2025 දෙසැම්බර් 14 වන දින පිටත්ව යනලදී. ඔවුන්ගේ මෙහෙවර වූයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සහන සැපයුම් ප්‍රවාහනය සහ බෙදා හැරීම සඳහා සහායවීම විය.
කාර්ය මණ්ඩලය අඛණ්ඩ සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් සමඟ සමීපව සම්බන්ධීකරණය කරන ලදී.
පිටත්ව යාමේ උත්සවයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් සහභාගී විය. ඔවුන් ඉන්දියානු ගුවන් හමුදාවවේ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ඔවුන්ගේ අඛණ්ඩ සහාය සඳහා ස්තූතිය පල කරන ලදී.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරන ආරක්ෂක උපදේශක කපිතාන් එම් ආනන්ද් ද මෙම අවස්ථාවට සහභාගී විය. ඉන්දියානු ගුවන් හමුදාවවේ MI-17 හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලය විසින් සපයන ලද සහයෝගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එහි අසල්වැසි රට අතර සහයෝගීතාව ශක්තිමත් කළ අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන් සඳහා කාලෝචිත සහන මෙහෙයුම් සඳහා දායක විය.