මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් පිටත්ව යයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ විසිර යාමේ පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුකායක ගුවන් හමුදා මූලික කදවුරෙදී අභිමානවත් අයුරින් පැවැත්විනි. 

මධ්‍යම අප්‍රිකානු ජන රජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 11 කක්ඩායම සදහා ගෘප් කැප්ටන් ආසිරි පතිරගේ නිළධාරී තුමන්ගේ නායකත්වයෙන්යුත් නිළධාරීන් 22 දෙනෙකු සහ සෙසු නිලයන් 88 දෙනෙකු ඇතුලත්ව ඇත.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක රාජකාරීන් සදහා සම්බන්ද වීම තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 141 පමණ මුදලක් මහා බාන්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කර ඇත.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී තුමන්,ගුවන් හමුදා අධ්‍යක්ෂක මන්ඩලයේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.