චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ, 14 වන සංවත්සරය සමරයි

චීන වරාය ගුවන් හමුදා  ඇකඩමියේ අංක 01 විවේක හා විනෝදාස්වාද (එල් ඇන්ඩ් ආර්) පක්ෂාංගය 2026 ජනවාරි 07 වන දින සිය 14 වන සංවත්සරය සැමරූ අතර, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රගීත් සමදාස නිළධාරී තුමන්‍ේ මඟ පෙන්වීම යටතේ සමාජීය හා  විනෝදාත්මක ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරන ලදී. සැමරුම් සඳහා  පක්ෂාංගයේ සියලුම නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය.

සංවත්සර වැඩසටහන සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් ආරම්භ වූ අතර එය වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් චාමර සේනානායක නිළධාරී තුමන් විසින් සමාලෝචනය කරන ලදී.

සංවත්සර සැමරුමට සමගාමීව ප්‍රජා සේවා  මුලපිරීම්වල කොටසක් ලෙස, 2025 දෙසැම්බර් 20 වන දින කින්නියා  සමුද්‍රාසන්න විහාරයේ දී ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර 2026 ජනවාරි 07 වන දින එම විහාරස්ථානයේ දී දානමය උත්සවයක් ද පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.