ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 59 වන අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය – 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 59 වන අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2026 ජනවාරි 06 සහ 07 යන දිනවල කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව පැවැත්විය. ගුවන් හමුදාව නියෝජනය කළ විවිධ ඒකකවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියට සහභාගී වෙමින් තම ශාරීරික හැකියාවන්, ශික්ෂණය සහ කණ්ඩායම් ආත්මය විශිෂ්ට ලෙස ප්‍රදර්ශනය කළහ.

ශූරතාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කාන්තා කාණ්ඩයේ සමස්ත ශූරතාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් දිනා ගත් අතර, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල අනුශූරතා ස්ථානය දිනා ගත්තේය. පිරිමි කාණ්ඩයේ සමස්ත ශූරතාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගත් අතර, කටුනායක ගුවන් හමුදා කඳවුර අනුශූරතා ස්ථානයට පත්විය.

ශූරතාවලියේදී කැපී පෙනුණු තනි දක්ෂතාද නිසි ලෙස ඇගයීමට ලක් කරමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ කෝප්‍රල් නයනප්‍රිය ආර්එඩී ‘දක්ෂතම පිරිමි ක්‍රීඩකයා’ ලෙස සම්මානයට හිමිකරගත් අතර, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ගුවන් කාන්තා නිර්මලී ඡීඡීඑම්එච් ‘දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව’ ලෙස සම්මානයට පාත්‍ර විය.

1st Day

2nd Day

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.