අංක 08 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය මූලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය
අංක 08 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) මූලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය 2026 මාර්තු 25 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 49 CBRNE පක්ෂාංගයේදී පැවැත්විණි. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් භූමි එයාර් වයිස් මාෂල් රුවන් චන්දිම නිළධාරීතුමන් සහභාගී විය.
මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත විභව තර්ජන වලට මුහුණ දීමට පළමු ප්‍රතිචාර දක්වන්නන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය තෝරාගත් සෙබළුන්ට ලබාදීමයි.
අංක 08 CBRNE මූලික පාඨමාලාව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 02 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් 03 දෙනෙකු, නාවිකයින් 02 දෙනෙකු සහ ගුවන් භටයින් 09 දෙනෙකුගෙන් සමන්විත විය. පාඨමාලාව සාර්ථකව නිම කළ පුහුණුවරුන් 16 දෙනෙකුට මෙම අවස්ථාවේදී සහතික ප්‍රදානය කරන ලදී.
පාඨමාලාවේ කැපී පෙනෙන කාර්ය සාධනය වෙනුවෙන්, නිලධාරීන් අතර හොඳම CBRNE පළමු ප්‍රතිචාර දක්වන නිලධාරියා ලෙස ෆ්ලයි ඔෆිසර් ටිඒ්අයි පෙරේරා සම්මානයට පාත්‍ර විය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛ යාන්ත්‍රික ඉංජිනේරු සමරසිරි DDD හට හොඳම CBRNE පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස සම්මානයට පාත්‍ර විය.