ගුවන් හමුදා මඩකලපුව කඳවුර 43 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර 2026 මාර්තු 27 වන දින සිය 43 වන සංවත්සරය  සමරනු ලැබීය. සැමරුම් උත්සවය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් මලිත් රන්රජීවනගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී.

සැමරුම් උත්සවය සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් ආරම්භ කෙරුනු අතර, එය අණදෙන නිලධාරී විසින් සමාලෝචනය කරන ලදී.අනතුරුව සැමරුමට සමගාමීව කඳවුරු පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එමෙන්ම, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.