ගුවන් හමුදා වෙඩික්කරුවන්ට හිල් කන්ට්‍රි ෂාප් ෂූටර් 2026 තරඟාවලියේ විශිෂ්ට ජයග්‍රහණ

මහනුවර හන්තානේ පිහිටි හිල් කන්ට්‍රි වෙඩි තැබීමේ පිටියේදී 2026 මාර්තු 26 සිට 29 දක්වා පැවැත්වුණු “IPSC හිල් කන්ට්‍රි ස්පෝර්ට් ෂූටින් ක්ලබ් ෂාප් ෂූටර් – 2026” තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් විය.

ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසු වෙඩික්කරුවන් තෝරා ගැනීම අරමුණු කරගත් මෙම තරඟාවලිය, ජාතික මට්ටමේ ප්‍රමුඛ අත්හදා බැලීමක් ලෙස සැලකේ. යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය ඇතුළු රට පුරා ක්‍රීඩා සමාජ 15කට අධික සංඛ්‍යාවකින් පැමිණි වෙඩික්කරුවන් 185කට අධික පිරිසක් මෙම ඉසව්වට සහභාගී වූහ.

ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම, එක් නිලධාරීයෙකු, ගුවන් භටයින් 11 දෙනෙකු සහ ගුවන් කාන්තාවන් 08 දෙනෙකුගෙන් සමන්විත වූ අතර විවිධ  අංශයන්ගෙන්  තරඟ පැවැත් වින. මෙම තරඟාවලියේදී ඔවුන් දැක්වූ දක්ෂතා, ගුවන් හමුදාව IPSC වෙඩි තැබීමේ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් බව නැවතත් තහවුරු කළේය.
 
මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායමේ කැපවීම, ශික්ෂණය හා වෘත්තීය මට්ටමේ ප්‍රගතිය පෙන්වන තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

පදක්කම් හා සහතික ප්‍රදානය කිරීමේ උත්සවය 2026 මාර්තු 29 වන දින පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සහභාගී වූ අතර මෙම අවස්ථාව සදහා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නිලධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.