චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය 65 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය 2026 අප්‍රේල් 03 වන දින සිය 65 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය. මෙම සැමරුම් වැඩසටහන විද්‍යාපීඨ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමල් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.

විද්‍යාපීඨ පෙළපාළි චතුරශ්‍රයේ පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් සැමරුම් කටයුතු ආරම්භ කල අතර, එය අණදෙන නිලධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලදී. ඉන් අනතුරුව සංවත්සර සැමරුම්වල කොටසක් ලෙස විද්‍යාපීඨ ක්‍රීඩා පිටියේදී එල්ලේ තරඟාවලියක්ද සංවිධානය කරන ලදී.

සංවත්සරය සමරමින් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස, 2026 අප්‍රේල් 06 වන දින විද්‍යාපීඨයේ නිලධාරීන් සෙසු නිළ්‍යින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.