ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්ටමේ පෙර පාසලක් හිගුරක්ගොඩදී විවෘත කරයි...

ශ්‍රී  ලංකා  ගුවන් හමුදා සේවා වනිතා ඒකකය,ගුවන් විරුවන්ගේ දරුවන් ජාත්‍යන්තර මට්ටමේ හා වැඩි ගුණාත්මක බවකින් යුක්ත වූ නිවැරදි පෙර පාසල් අධ්‍යාපනයක් ලබා දීම හා එමගින් ඔවුන් විශිෂ්ඨ පුරවැසියන් ලෙස රටට දායාද කිරීමේ අරමුණින්,ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරු තුල ජාත්‍යන්තර මට්ටමේ පෙර පසල් අලුතින් ඉදිකරමින් හා පවතින පෙර පාසල් වැඩිදියුණු කරමින් පවතී.

මේ සියලුම පෙර පාසල් තුල විදිමත් හා ක්‍රමවත් වූ පෙළ පොත් අධ්‍යාපනයක් හා පන්ති කාමර අශ්‍රිත ක්‍රියාකරකම් ජාත්‍යන්තර  මට්ටමින් සිදු කරනු ලබන්නේ ක්‍රමවත් වැඩපිළිවලක් යටතේ තෝරා ගනු ලැබූ වෘත්තීමය මට්ටමේ පෙර පාසල් ගුරු මණ්ඩලයක් මගිනි.මේ සියලුම පන්ති කාමර නවීන  පහසුකම් වලින් සමන්විත වෙයි.
කදවුරේ සේවා පුද්ගලයින්ගේ හා අවට සිවිල් වැසියන්ගේ දරුවන්ගේ මූලික පෙර පාසල් අධ්‍යාපනය විධිමත්ව ලබා දීම උදෙසා මෙම පෙර පාසල් ගොඩනැගිල්ල මනා පිටුවහලක් වනු නොඅනුමානය.

ගුවන් හමුදාපති එයාර් චීෆ් මර්ෂල් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ මග පෙන්වීම මත හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ කදවුරු අණදෙන නිළධාරි ගෲප් කපිතාන් ඩී.කේ වනිගසූරිය හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නෙලුන් ගුණතිලක මහත්මිය මෙම පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මහත් වූ පරිශ්‍රමයක් දරන ලදී.මෙම ජාත්‍යන්තර පෙර පාසල විවෘත කරනු ලැබුවේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය විසිනි.

පෙර පාසල විවෘත කිරීමේ අවස්ථාවෙන් පසු රණවිරුවන්ගේ හා සිවිල් සේවකයින් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය,පොලී රහිත ණය ලබා දීම,රෝද පුටු බෙදා දීමක් සිදු කරන ලදී.  

 


Internationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base HingurakgodaInternationa Pre-School opens at SLAF Base Hingurakgoda



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.