සාරී මෝස්තර හා රෙදි පින්තාරු එක් දින වැඩමුලුව

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලිකා අබේවික්‍රම මැතිනියගේ මග පෙන්වීම යටතේ, ගුවන් හමුදා වීරවිල සේවා වනිතා ඒකක්යේ සභාපතිනි මාලි වාසගේ මැතිනියගේ ප්‍රධනත්වයෙන් සාරී මෝස්තර හා රෙදි පින්තාරු එක් දින වැඩමුලුව පසුගියදා (02 ජූලී) ගුවන් හමුදා කටුකුරුන්ද කදවුරේදී සාර්ථකව නිමාවට පත් විය.

මෙම වඩසටහන සදහා සාරී හා රෙදි පින්තාරු ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු හා එම අන්ශයේ ප්‍රසිද්ධ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන ජයන්ති ගමගේ මැතිණියගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර එම ක්ෂේත්‍රයට අදාල සැම අංගයක්ම ආවරනය වන පරිදි මෙම එක්දින පුහුණු වැඩ සටහන පත්වන ලදී.

මේ සදහා ගුවන් හමුදා සේවා පුද්ගලයින් හා එම පවුල් වල සාමාජිකයන් මෙන්ම සිවිල් සාමාජිකයන්ද මේ අවස්ථාවට සහභාගි වූ අතර මෙමගින් ඔවුන්ගේ ස්වයං රැකියා හැකියාවන් මනා ලෙස ඔප්නැංවීමට සමත් විය.මෙම අවස්ථාව සදහා  කටුකුරුන්ද සේවා වනිතා ඒකකයේ ආරාධනාවක් මත කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩිෂාන් වාසගේ සහභාගි විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.