නුවරඑලියේ ඇති වු කැලෑ ගින්න ගුවන් හමුදාව නිවා දමයි..
නුවරඑලිය, හාවාඑලිය කැලෑ ප්‍රදේශයක ඇති වු ගින්නක් සාර්ථකව මැඩ පවැත්වීමට ගුවන් හමුදාව අද (01 මාර්තු 2010) සමත් විය.
නුවර එලිය ප්‍රාදේශිය ලේකම්තුමාගේ දැනුම් දීමෙන් අණතුරුව ක්‍රියාකාරී වූ අංක 04 වන බළඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ග්‍රෙගරි වැවෙන් ජලය ගෙන ගිනි ගන්නා ප්‍රදේශ රැගෙන ගොස් වේගයෙන් පැතිර යමින් තිබූ ගින්න නිවා දමන ලදී.