21 වන මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව විසිර යයි...

ශ්‍රී ලංකා පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කරමින් එහි 21 වන මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ පැරෂුට් භටයින් 33 දෙනෙකුගේ විසිර යාමේ උත්සවය 2010 මාර්තු මස 04 වන දින කටුනායක ගුවන් හමුදා කදවුරේදී උප මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

මෙම පැරෂුට් පාඨමාලාව 2010 ජනවාරී මස 02 දින සිට පුරා මාස 02ක අසීරු ගොඩබිම් පුහුණුවකින් පසු අම්පාර සහ කටුනායක ගුවන් හමුදා කදවුරුවලදී අඩි 1000 ක සිට පැරෂුට් පැනීම් 07ක් සම්පුර්ණ කර ඇත. අද දින විසිර යන මෙම පැරෂුට් භටයින් අතර ගුවන් හමුදාවේ නිළධාරින් 02 නෙකු ඇතුළුව ගුවන් භටයින් 31 දෙදෙනෙකුද  නාවික හමුදාවේ නැවියන් 02 නෙකුද සාර්ථකව විසිර යන ලදී.

මෙම විසිර යාමේ උළෙල විචිත්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා "ස්කයි ඩයිවර්ස්" විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 6000ක ඉහල අහසේ සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කල සුවිශේෂි පැරෂුට් පිමි සහ ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ඉදිරිපත් කිරීම කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී. 


The Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st BatchThe Parachute Training School produces its 21st Batch

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.