ආරක්ෂක සේවා අත් පන්දු ශූරතාවය ගුවන් හමුදාවට

07 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ ගෘහස්ථ කාන්තා හා පිරිමි අත් පන්දු ශූරතාවය තෙවන වරටත් ගුවන් හමුදාව සතු කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා සමත් විය.

කන්තා අංශයේ අවසන් වටයට තේරී පත්වුනු නාවික හමුදා ක්‍රීඩිකාවන් ප්‍රබල පීඩනයක් සිය ප්‍රතිවදී ගුවන් හමුදා ක්‍රීඩිකාවන් වෙත එල්ල කලද ඉන් පසුබට නොවූ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ඊට සාර්ථකව මුහුන දුන් තරගය අවසානයේ 3-2 ජයග්‍රහනය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.පිරිමි අංශයේ තරගාවලියේදී 3-1 ලෙස නාවික හමුදා ක්‍රීඩකයින් පසුවූ අතර විනය විරෝදී ක්‍රීඩකයකුගේ ශභාගිත්වය හේතුවෙන් ගුවන් හමුදාවට ශූරතාවය හිමිවූ අතර නාවික හමුදා කණ්ඩායම අනුශූරයන් ලෙස නම් කරන ලදී.

ගුවන් හමුදා අත් පංදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොකඩවා 2009 වසරේ සිට 2010 වසර දක්වාට් ශූරතාවලිය දිනා ගැනීමට සමත්කම් දක්වා තිබීම විශේශත්වයකි.

ගුවන් හමුදා අත් පංදු හා වෙරල අත් පංදු සංචිතයේ සභාපති ලෙස කටයුතු කරන එයාර් වයිස් මාර්ශල් ආර් ජේ පතිරගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේ වස්තවට එක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.