වනගත හා ජලීය දිවි රැක ගැනීමේ පාඨමාලාව සාර්ථකව නිමවේ

වනගත හා ජලීය දිවි රැක ගැනීමේ පාඨමාලාව සාර්ථකව පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේදී නිමාවට පත් විය.සතියකට ආසන්න කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව 19 සමන්විත කණ්ඩායමක් එක්විය.ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ගී පී බුලත්සිංහල හා ගුවන් හමුදා සෞක්ය අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් එස් කරුණාරත්නගෙ මගපෙන්වීම යටතේ මෙම දෙවන දිවි රැක ගැනීමේ පාඨමාලාව සංවිධානය කල අතර පුහුණු උපදේශකයින් රැසකගේ දායකත්වය ලබා දෙන ලදි.

හදිසි අවස්තාවකදී ගුවන් යානයක් වනගත ප්‍රදේශයක හො ජලීය ප්‍රදේශකයට ගොඩබැස්වීමකදී ක්‍රියාකලයුතු ක්‍රියා පිලිවෙත මෙහිදී දැඩි අවධානයකට ලක් කර භාහිර ක්‍රියාකාරකම් ඔස්සේ පුහුනු පාඨමාලාව ක්‍රියාත්මක කරන ලදී.

ගුවන් හමුදා රත්මලාන කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච් එම් එස් කේ බී කොටකදෙනිය මෙම පාඨමාලාවේ විසිරයමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස් සහභාගි විය.තවද පාඨමාලාව සාර්තකව නිමා කල පුහුණු කරුවන් සදහා සහතික පත් ප්‍රධානය ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදු විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.