"සීගිරිය රැළි ක්‍රොස් 2010" ප්‍රවේගකාරී තරගාවලියක නිමාව

ශ්‍රී ලංකා ගුවන් හමුදාව , ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරු පැදි ධාවකයින්ගේ සංවිධානය සමග එක්ව දෙවන වරටත් සංවිධානය කළ සීගිරිය රැළි ක්‍රොස් 2010 දෙස් විදෙස් තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (07 මාර්තු 2010) ගුවන් හමුදා සීගිරිය කදවුරු ධාවන පථයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය.

තරග කරුවන්ට අභියොගයක් වූ රළු බොරළු හා විවිධ වූ බාධක රැසකින් සමන්විත වූ මෙම සීගිරිය ගුවන් හමුදා ධාවන පතය වයස් සීමාවන්ට සීමා නොවී තරගකරුවන්ට තම දක්ෂතා පෙන්විය හැකි වීම විශේෂත්වයකි. තවද පැමිනි සිටි සියලුම ප්‍රේක්ශකයින්ගේ උද්යෝගය දනවන සිදුවීම් වලින් පිරි ප්‍රවේගකාරී තරගාවලියක අත්දැකීම විද ගැනීමට හැකිවිය.

ජාතික යතුරුපැදි ශූරයකු වූ ගයාන් සදරුවන් තරගාවලියේ දක්ෂතම ධාවකයාට හිමි එයාර් චීෆ් මාර්ෂල් රොශාන් ගුණතිලක කුසලානය මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා වත්මන් ගුවන් හමුදාපති වන එයාර් චීෆ් මාර්ෂල් ඩබ්ලිව් ඩී ආර් එම් ජේ ගුණතිලක මහතා අතින් ලබාගන්නා ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.