ගුවන් හමුදා "ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්" ජාත්‍යන්තර තලයට

ත්‍රිකුණාමලය ගුවන් හමුදා චීන වරාය කදවුර අසල ඉදිකල "ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්" නම් වූ ගොල්ෆ් පිටිය ආරම්භයේදී ගොල්ෆ් සිදුරු නවයකින් සමන්විත වූ අතර එය ගොල්ෆ් සිදුරු 18 දක්වා වැඩි දියුණු කිරීමට පසුගිය දා සමත් විය.මෙම අවථාව සදහා ගුවන් හමුදධිපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම සහභගි විය. මේසමගම "ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්" ජාත්‍යන්තර තලයේ තරග පිටියක් බවට පත් වන අතර මෙමගින් ජාත්‍යන්තර හා දේශීය හරග කරුවන්ට මහගු අවථාවක් උදවනු ඇත.

මෙම අවස්ථාව සදහා පොලිස්පති එන්.කේ ඉලන්ගකෝන් මහතා, ගුවන් හමුදා චීන වරාය විධ්‍යාපීඨයේ පීඨාදිපති එයාර් කොමඩෝර් එස්.කේ පතිරන , විංග් කමාණ්ඩර් ආර්.කේ කොඩිප්පිලි ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක් විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.